26.7 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගුවන්යානයක් ගොඩබෑමේදී හදිසි ගින්නක්

ගුවන්යානයක් ගොඩබෑමේදී හදිසි ගින්නක්

සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පාකිස්ථානයට ගොඩබෑමේදී ගිනිගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ (11) පකිස්ථානයේ පෙෂාවර් ගුවන්තොටුපළට ගොඩබෑමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

මගීන් 297 දෙනෙකු සමඟ රියාද් සිට පෙෂාවර් වෙත පැමිණි ගුවන් යානය ගොඩබෑමේදී එහි රෝදයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන තිබෙනවා.

යානය වහාම ධාවන පථයේ නතර වූ අතර යානයේ සිටි මගීන් 276 දෙනා සහ කාර්ය මණ්ඩලය 21 දෙනෙකු හදිසි දොරෙන් ගොඩ බැස ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ගිනි නිවන ඒකකය ගින්න පාලනය කර තිබෙනවා.