31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය වර්ජනය අත්හිටුවයි

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

උසස් වීම් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය 09 වැනිදා මධ්‍යම රාත්‍රියේ ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවා.

කෙසේනමුත් 10 වැනිදා දහවල් 12 වනවිට සේවයට වාර්තා නොකළ හොත් වර්ජනයේ යෙදෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියාසේ සලකන බවයි දුම්රිය වැඩ බලන සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ සඳහන් කළේ.

ඊයේ පැවති වැඩඩටනකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ ඔවුන් සේවයට වාර්තා කළහොත් ‘සේවය හැර ගියා සේ සලකා’ නිකුත් කළ ලිපි ඉවත්කර ගන්නා බවයි.