27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentනගර සභාවේ බවුසරයට පදිකයින් දෙදෙනෙක් යටවෙයි

නගර සභාවේ බවුසරයට පදිකයින් දෙදෙනෙක් යටවෙයි

සුදු ඉර මතින් පාර මාරු වූ පදිකයින් දෙදෙනෙක් අද (12) නුවරඑළිය මහ නගර සභාවේ ගලි බවුසරයකට යට වී බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ නුවරඑළිය මූලස්ථානය ඉදිරිපිටදී මෙම අනතුර සිදුව ඇති අතර ඉන් බරපතල ලෙස තුවාල ලැබූ දෙදෙනා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි.

නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ සිට නුවරඑළිය මහ නගර සභාව දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති මෙම බවුසරය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාර්ගයේ ගාල් කර තිබු මොටර් රථයකද ගැටී පදිකයින් දෙදෙනා යට කරගෙන විත් ප්‍රධාන මාර්ගය අභියස පිහිටි පැති බැම්මක ගැටී නතර වී තිබෙනවා.

අනතුරෙන් ගලි බවුසරයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර පොලීසිය පැවසුවෙ බවුසර් රථයේ හටගත් කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බවයි.

කෙසේනමුත් අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.