― political ―

කඩාවැටුණු රට යළි ගොඩ ආවේ රනිල්ගේ දුරදක්නා නුවණ නිසා

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
HomeGossipලෝකෙම තරු එකම තැනක පායන අම්බානි විවාහය අදයි

ලෝකෙම තරු එකම තැනක පායන අම්බානි විවාහය අදයි

ඉන්දියාවේ ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ කනිටු පුත් ආනන්ත් අම්බානි, රාධිකා මර්චන්ට් විවාහය අද මුම්බායි හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතයි.

මෙම විවාහ උත්සවයට අදාළ සම්භාෂණ අවස්ථාවන් ලබන ජූලි 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මුම්බායි නගරයේ දින හතරක් ඔඋරා පවුලේ අය විසින් පැවැත්වූ සුඛෝපභෝගී සාද මාලාවක අවසාන නැවතුම මෙය වෙනවා.

විවාහ මංගල්‍යයට පැමිණෙන අමුත්තන්ට තරු පහේ හෝටල් නවාතැන් සහ සුඛෝපභෝගී තෑගි සමඟ රාජකීයයන් ලෙස සලකන අතර එම අවස්ථාව සැමරීම සඳහා රිලයන්ස් සේවකයින්ට තෑගි පෙට්ටියක් ද ලැබී තිබෙන බව සඳහන්.

නීටා සහ මුකේෂ් අම්බානි ඔවුන්ගේ බාල පුතාගේ විවාහයට පෙර ජෝඩු 50 ක සමූහ විවාහ මංගල්‍යයක් ද සංවිධානය කර තිබෙනවා. අම්බානිවරුන්ගෙන් රන් රිදී ආභරණ, සිල්ලර බඩු සහ අනෙකුත් ගෘහ උපකරණ සමඟ රුපියල් ලක්ෂයක චෙක්පතක් එම මනාල යුවල වෙත ලබා දී තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම විවාහ මංගල්‍යය වෙනුවෙන් රිහානා සහ ජස්ටින් බීබර් වැනි පොප් ගායන තරු විසින් දැනටමත් ඉදිරිපත් කර ඇති වීඩියෝ වෙත ලෝකයේම අවධානයට යොමු වී තිබෙනවා.

ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම විවාහ උත්සව අවස්ථාවන් සංවිධානය කෙරෙන්නේ මුම්බායි නුවර පිහිටි මුකේෂ් අම්බණිට අයත් ජියෝ සමුළු මධ්‍යස්ථානයේ සහ ඩොලර් බිලියන 1ක් වටිනා ඔවුන්ගේ සුඛෝපභෝගී මන්දිරයේදී යි.

මෙම අවස්ථාවන් සඳහා දැනටමත් බොහෝ පිරිසකට ආරාධනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෑත කාලයේ ලොව පැවැත්වුනු දැවැන්තම විවාහ මංගල උත්සවයක් ලෙස සැලකෙන මෙම විවාහ උත්සවයට පෙර විවාහ අවස්ථාවන් දෙකක් පසුගිය මාර්තු මාසයේ සහ මැයි මාසයේ දී සංවිධානය කෙරුණා.

මාර්තු මාසයේදී ඉන්දියාවේ පැවැති උත්සවය සඳහා ලෝක නායකයන්, තාක්ෂණික සමාගම් ප්‍රධානින් ඇතුළුව බොලිවුඩ් නළු නිළියන් සහිත ආරාධිත‍යින් 1200කට අධික පිරිසක් සහභාගි වූ බව සඳහන්.

එසේම මැයි මාසයේදී ඉතාලිය සහ ප්‍රංශය අතර යාත්‍රාකරන සුඛෝපභෝගී නෞකාවක පැවති දෙවැනි පෙර විවාහ සැමරුම් උත්සවය සඳහා ද බොලිවුඩ් සුපිරි තරු රැසකට ආරාධනා කර තිබූ අතර මෙම පෙර විවාහ උත්සව අවස්ථා දෙක සඳහා වියදම් වූ මුදල මෙතෙක් අනාවරණය වී නැහැ.

ෆෝබ්ස් සඟරාවට අනුව 66 හැවිරිදි මුකේෂ් අම්බානි මේ වන විට ඩොලර් බිලියන 115 ක ශුද්ධ වටිනාකමක් ඇති ලොව 10 වැනි ධනවත්ම පුද්ගලයා වනවා.

1966 දී ඔහුගේ පියා විසින් ආරම්භ කරන ලද රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් යනු ඛනිජ තෙල් සහ සිල්ලර වෙළඳාමේ සිට මූල්‍ය සේවා සහ ටෙලිකොම් දක්වා අංශවල ක්‍රියාත්මක වන දැවැන්ත සමූහ ව්‍යාපාරයක්.

අනන්ත් අම්බානි ඔහුගේ දරුවන් තිදෙනාගෙන් බාලයා වන අතර, ඔවුන් සියල්ලෝම රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්. ජාත්‍යන්තර සහ ඉන්දියානු ප්‍රභූවරුන් කිහිප දෙනෙකු සහභාගී වන බැවින් මුම්බායි පොලිසිය මෙම විවාහ මංගල උත්සවය ‘පොදු උත්සවයක්’ ලෙස නම් කර ඇති බව රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කරනවා.

මුම්බායි පොලිසිය එම ස්ථානය අවට රථවාහන ධාවනය සඳහා ද සීමා පනවා ඇති අතර අද සිට ලබන සඳුදා දක්වා, සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය අවට මාර්ග විවෘත වන්නේ ඉන්දීය වේලාවෙන් දහවල් 1 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මංගල උත්සවයට සහභාගී වන වාහන සඳහා පමණක් බව සඳහන්.

මේ අතර වරලත් ගුවන් සමාගමක් වන Club One Air හි ප්‍රධාන විධායක නිලධාරී රාජන් මෙහ්රා රොයිටර් පුවත් සේවයට පැවසා සිටියේ මංගල උත්සවයට අමුත්තන් රැගෙන යාම සඳහා අම්බානි පවුල විසින් ෆැල්කන් – 2000 ජෙට් යානා තුනක් කුලියට ගෙන ඇති බවයි.