― political ―

කඩාවැටුණු රට යළි ගොඩ ආවේ රනිල්ගේ දුරදක්නා නුවණ නිසා

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
HomeHot News"වසන්තගේ දේහය නිරාවරණය කරන්න එපා" - මල්ශාලා හිමිකරුට තර්ජනාත්මක ඇමතුමක්

“වසන්තගේ දේහය නිරාවරණය කරන්න එපා” – මල්ශාලා හිමිකරුට තර්ජනාත්මක ඇමතුමක්

පසුගිය 08 වැනිදා අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ ක්ලබ් වසන්තගේ මෘත දේහය තැන්පත් කිරීමට නියමිත බොරැල්ල ප්‍රදේශයේ මල්ශාලා හිමිකරුට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් විසින් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වනවා.

ඔහුගේ අවසන් කටයුතු හෙට (13) පස්වරු 4.30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර මේ වනවිට ඔහුගේ දේහය කොළඹ 08 බෞද්ධාලෝක මාවතේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

අවසන් ගෞරව දැක්වීම සඳහා වසන්තගේ පවුලේ හිත මිත්‍රාදීන් පිරිසක් විදේශගතව සිට මෙරටට පැමිණීමට නියමිතයි.

මේ වනවිට වසන්තගේ දේහය තබා ඇත්තේ එම මල් ශාලාවේ ප්‍රභූ පර්යන්තයේ වන අතර එම මල් ශාලාවේ දේහය තබා නොගන්නා ලෙසට ඊයේ මල් ශාලා හිමිකරුට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

පොලීසිය පවසන්නේ එය ඔහුට තර්ජනාත්මකව සිදු කරන ලද දුරකථන ඇමතුමක් බවයි.

මල් ශාලාවේ ඇති කේබල් දුරකථනයට මෙම ඇමතුම ලැබී ඇති අතර එහි අංකය සටහන් නොවන බවත් මේ සිදුවීම පිළිබඳව මල් ශාලා හිමිකරු විසින් පොලිසියට පැමිණිලි කර ඇති බවත් වාර්තා වන අතර එම සිදුවීම සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

‘ක්ලබ් වසන්ත’ ඇතුළු පිරිසට වෙඩි තැබීමේ සිද්ධිය ඩුබායි රාජ්‍යයේ සිට සජීවීව නරඹා ඇති බවට පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

පොලිසිය සඳහන් කරන පරිදි ටැටූ හලේ හිමිකරු වන අත්අඩංගුවට ගෙන ඇති දුලාන් සංජු නමැත්තා විසින් මෙම සියල්ල හෙළිදරව් කරමින් සිටින බවයි.

තමන්ගේ ටැටූ හලේ ආරක්ෂිත කැමරා පද්ධතියේ රහස් අංක ලොකු පැටී විසින් ලබාගෙන ඇති බවත් තමන් ඒවා ඔහුට දුන් බවත් හෙතෙම පාපොච්චාරණය කර තිබෙනවා.

ඒ අනුව ඝාතනය සිදු වූ අවස්ථාවේ වෙඩික්කරුවන් කිරිබත් කමින් සිටි අවස්ථාවේදී ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට එල්ල කරන ලද වෙඩි ප්‍රහාර, එම ස්ථානයේ දීම වෙඩි වැදුණු පිරිස ඇදවැටෙන ආකාරය ලොකු පැටී ඇතුළු ඔහුගේ සහචරයින් පිරිස නිරීක්ෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු තවත් අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු තවත් සයදෙනෙකු ඉන් බරපතළ තුවාල ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙම ඝාතනය ප්‍රංශයේ සැඟවී සිටින කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන්, ලොකු පැටීගේ සංවිධානත්වයෙන් සිදු වූවක් බවටයි හෙළි ව ඇත්තේ.