28.4 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොවක් ඉදිරියේ රසට උයා ලක්මව බැබලවූ සවින්ද්‍රි පෙරේරා දිවයිනට

ලොවක් ඉදිරියේ රසට උයා ලක්මව බැබලවූ සවින්ද්‍රි පෙරේරා දිවයිනට

2024 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති ‘මාස්ටර් චෙෆ්’ ඉවුම් පිහුම් තරගාවලියේදී තුන් වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික ජයග්‍රාහිකාව වන සවින්ද්‍රි පෙරේරා ඊයේ (16) රාතියේ දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ රාත්‍රී 10.40 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මුළු මහත් ලෝකය පුරා සජීවීව විකාශනය කෙරුණු ඕස්ට්‍රේලියාවේ
‘මාස්ටර් චෙෆ්’ තරගාවලිය මෙම වසරේ අප්‍රේල් මස සිට ජූලි 15 වැනිදා දක්වා එරට ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා සම්බන්ධ කර ගනිමින් පැවැත්වුණා.

ඇය මෙම ජයග්‍රහණයත් සමඟ තම පියා ඇතුළු නෑදෑ හිතවතුන් දැක ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ මෙලෙසින්.

කටුනායක ගුවන් තොටුපොළේදී සිය අදහස් දැක්වූ සවින්ද්‍රි පෙරේරා මෙසේ පැවසුවාය.

මට මෙම ඕස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේදී ජයග්‍රහණය සදහා මාවත සකස් කර දුන්නේ ශ්‍රී ලංකාවේ ආහාරපාන. මෙම තරගාවලියේදී විශේෂයෙන්ම මම ශ්‍රී ලංකාවේ කිරිබත්, කළුපොල් මාලුව, මාළු මිරිසට හොදි සමග මෙන්ම සීනි සම්බෝල ද සකස් කර ඉදිරිපත් කළා. මම මෙම ආහාර සදහා ශ්‍රී ලංකාවේ කුළුබඩු භාවිතා කළා. ඒ නිසා ලෝකයේ අනෙකුත් තරගකාරී සූපවේදීන් පරදා මෙම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට හැකි වුනා.