29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිකරණ ඇමතිගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

අධිකරණ ඇමතිගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිත දැනුම්දීමක් කර තිබෙනවා.

මැතිවරණ සමයේ නීතිවිරෝධී ක්‍රියා, අල්ලස් ගැනීම් සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ පවතින නීතිය අකාර්යක්ෂම වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව නීතියේ ආධිපත්‍යය වෙනස් කර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතියේ ආධිපත්‍යය ඇති කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ පූර්ණ සහයෝගය ඇතිව 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටියේය.

මේ හේතුවෙන් ඉදිරි මැතිවරණ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.