― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදේශපාලඥයින්ගේ සාක්කු පුරවන පුහු ව්‍යාපෘති එපා

දේශපාලඥයින්ගේ සාක්කු පුරවන පුහු ව්‍යාපෘති එපා

දේශපාලනඥයින්ගේ සාක්කු පුරවන පුහු ව්‍යාපෘති නොව රටට වැදගත් ජාතික කෘෂිකාර්මික සැලසුමක් ක්‍රියාවට නැංවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (17) පොළොන්නරුව, මැදිරිගිරිය, කොහොඹදබන කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජාතික සංවර්ධනයේ නාමයෙන් රටට ඵලදායී ව්‍යාපෘති දේශපාලනඥයන්ගේ සාක්කු පුරවන බඩගෝස්තරවාදී ව්‍යාපෘති බවට පත්ව ඇති බවත් මේ ක්‍රමය වෙනස් විය යුතු බවත් බංකොලොත් රටේවත් අප වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

බංකොලොත් රටක විපතට පත් ලක්ෂ 220ක් ජනතාව ගොඩගන්න අගයක් එකතු කිරීම මේ යටතේ සිදුවන බවත් මේ හැමදේම කරන්නෙ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට බවත් සජිත් ප්‍රේමදාස පැවසීය.

කෘෂිකර්මාන්තයත් සුහුරු විය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ගතානුගතික ක්‍රමවේදවලට වඩා නවීන ක්‍රමවේද අනුගමනය කර තාක්ෂණය උපයෝගී කරන ගෙන අවම ඉඩකින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි ලෙස දියුණු කළ යුතු බවත් මේ සඳහා දරාගත හැකි මුදලකට ගුණාත්මක යෙදවුම් ලබා දී කෘෂි නිෂ්පාදනය ඉහළටම වර්ධනය කර දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළටත් අප රටේ කෘෂි අස්වැන්න යොමු කළ හැකි ක්‍රමවේදයක් සකස් කරන බවත්ය.

වර්තමානයේ අස්වැන්න විකුණා ගත නොහැකි නිසා ගොවියන් මහපාරේ උද්ඝෝෂණ පවා සිදු කරන බවත් ස්ථාවර මිලක් නොමැතිව ගෙවියා අනාථ වී ඇති බවත් මේ ක්‍රමයේ වෙනසක් ඇතිව පැහැදිලි වගා සැලසුමක් රටට තිබිය යුතු බවත් ජාතික කෘෂිකර්මික සැලසුමක් අවශය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.