32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsධම්මික නිරෝෂන් ඝාතනයට අයෙක් අල්ලයි

ධම්මික නිරෝෂන් ඝාතනයට අයෙක් අල්ලයි

ධම්මික නිරෝෂන් ඝාතනයට සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (18) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ පොලිස් අත්අඩංගුවට ගැනුණු සැකකරු මේ වනවිට ඝාතනය සම්බන්ධයෙන් විශේෂ කරුණු රැසක් හෙළිදරවු කරමින් සිටින බවයි.

පොලීසිය සැක පළ කරන්නේ මෙම ඝාතනය පාතාල ආරවුලක ප්‍රතිඵලයක් ලෙසයි.

මෙම පුද්ගලයා කලෙක සිට විදෙස් රටක සේවය කර ඇති අතර ඔහු දින කිහිපයකට ඉහතදී දිවයිනට පැමිණ තිබෙනවා.

‘ජොන්ටි’ යන අන්වර්ථ නාමයෙන් හඳුනවන මෙම පුද්ගලයා මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයේ ගෝලයෙකු බවත් අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා මරා දැමීමට සූදු පොළක ඇති වූ ආරවුලක් ද හේතු වී ඇති බවට ද පොලිසියට කරුණු අනාවරණය වෙමින් තිබෙන බවත් සඳහන්.

පෙරේදා (16) රාත්‍රියේදී අම්බලන්ගොඩ, බෝගහවත්ත ප්‍රදේශයේ දී මෙම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඝාතනයට ලක්වුණා.

නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.