28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්කරල් සමඟ තරුණයින් දෙදෙනෙක් පොලිස් දැලේ

මත්කරල් සමඟ තරුණයින් දෙදෙනෙක් පොලිස් දැලේ

දීර්ඝ කාලයක සිට නීතිවිරෝධී අයුරින් මත් කරල් ජාවාරමේ නිරත වූ තරුණයින් දෙදෙනෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ (17) උප්පුවේලි පොලිස් වසමේ අභයපුර හන්දියේ බස් නැවතුම්පොළ අසළදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී වෛද්‍ය නිර්දේශයකින් තොරව මත් කරල් 300ක් සන්තකයේ තබාගෙන උප්පුවේලි බස් නැවතුමේ ජාවාරම් කරමින් සිටි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක් සහ අවුරුදු 26ක් වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන් දෙදෙනා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.