30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (19) ඇරඹෙනවා.

මෙවර තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව දරනු ලබනවා.

මෙම තරගාවලියට A හා B ලෙසින් කණ්ඩායම් 8ක් එක් වනවා.

ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය A කාණ්ඩය නියෝජනය කරනු ලබන අතර B කාණ්ඩය නියෝජනය කරමින් බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මැලේසියාව සහ තායිලන්තය තරග වදිනවා.

අද පළමු තරගය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී නේපාල කාන්තා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවැත්වෙනවා.

එහි දෙවැනි තරගය අද පස්වරුවේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව හෙට (20) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.