31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහතළිස් දෙලක්ෂයක දුම්වැටි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

හතළිස් දෙලක්ෂයක දුම්වැටි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගීන් දෙදෙනෙකු ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හතලිස් දෙලක්ෂයක් පමණ වන බවයි කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු විසින් ඩුබායි සිට රැගෙන ආ රෙදිපිළි තොගයක් අතර විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 110 ක් සගවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

ඔහු ඊයේ (18) රාත්‍රියේ 06.35 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් අනෙක් මගියා වන්නේ මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ගෘහ සේවිකාවකි.

ඇය සිය සේවා කාලය නිමා කර ආපසු ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී, ඇයගේ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 100 ක් සගවා ගෙන රැගෙන විත් තිබුණා.

ඇය ඊයේ රාත්‍රී 10.30 ට එයාර් ඇරබියා ගුවන් සේවයේ 3 එල් – 708 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් දෙදෙනාම ‘මැන්චෙස්ටර්’ වර්ගයේ දුම්වැටි 42,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 210 ක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.

කෙසේනමුත් ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රී පොලිස් ඇප මත මුදා හැරුණා.