27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමති හරීන්ට මූල්‍ය චෝදනා

ඇමති හරීන්ට මූල්‍ය චෝදනා

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ජාතික තරුණ සේවා සභාව යොදාගනිමින් රටේ මහජනතාවගේ මුදල් කෝටි ගණනින් අවභාවිතා කරමින් සංගීත සංදර්ශන මුවාවෙන් දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතියක් රට පුරා සිදු කරගෙන යන බව මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර චෝදනා කරනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (19) උදෑසන ජාතික තරුණ සේවා සභාවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂවරයා හමුවීමට ගිය අවස්ථාවේ දී.

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර අද උදෑසන ජාතික තරුණ සේවා සභාවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂවරයා හමුවී තිබෙනවා.

එහිදී හැටන් සහ දඹුල්ල ප්‍රදේශවල පැවති සංගීත සංදර්ශන සම්බන්ධයෙන් කරුණු විමසා ඇති අතර ඉදිරියේදි මෙවැනි නාස්තිකාර වියදම් සිදු නොකර තරුණ සංවර්ධනය වෙනුවෙන් සිදු කළ යුතු අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් මහජන බදු මුදල් වැය කරන මෙන් ලිපියක් මගින් ඉල්ලා තිබෙනවා.