28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගෝල් මාර්වල්ස් LPL අවසන් මහ තරගයට

ගෝල් මාර්වල්ස් LPL අවසන් මහ තරගයට

2024 LPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ ඊයේ ගෝල් මාර්වල්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර පැවති අවසන් වටයේ තරගයෙන් කඩුලු 07ක ජයක් හිමි කර ගනිමින්.

තරගයේ කාසිය වාසිය දිනා ගත් ගෝල් මාර්වල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ගෝල් මාර්වල්ස් කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.