― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsජනපති ගැන විවෘත සංවාදයකට ඇරයුම්

ජනපති ගැන විවෘත සංවාදයකට ඇරයුම්

ඉතාම දුෂ්කර අවස්ථාවක රට ගොඩගැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දෙවසර තුළ ගෙන ගිය නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් රට තුළ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඒ සම්බන්ධයෙන් ඍණාත්මක හා පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශ සිදු කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආර්ථික පර්යේෂණ ආයතන විද්වතුන්ට, සුදුසු වේදිකාවක් තුළ විවෘත සංවාදයකට ඇරයුම් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණයක් කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තීරණ පිළිබඳ ඇති බලවත්ම තීරණය බව අප දන්නවා. එවැනි වකවානුවක මීට වසර දෙකකට පෙර රට තිබූ තත්ත්වය සහ අද තත්ත්වය සංසන්දනය කරන වේදිකාවක් නිර්මාණය විය යුතුයි. රජයක වගකීම වන්නේ ජනතාවගේ ආරක්ෂාව, සුබසාධනය සහ සංවර්ධනයයි. ඒ නිසා මෙම තීරණාත්මක මෙහොතේ යම් සංවාදයක් ගොඩනැඟිය යුතුව තිබෙනවා. ඒ වගේම ඉතාම දුෂ්කර අවස්ථාවක රට ගොඩ ගැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දෙවසර තුළ සිදුකරන ලද සාධනීය කාරණා තුළින් රට නිවැරදි මාවතට ගෙන ඒමට හැකියාව ලැබුණා. ඒ සම්බන්ධයෙන් ඍණාත්මක කරුණු ඉදිරිපත් කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආර්ථික පර්යේෂණ ආයතන විද්වතුන් සිදු කරනු ලබන පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සුදුසු වේදිකාවක් තුළ විවෘත සංවාදයකට ඇරයුම් කරනවා.

පසුගිය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ජනාධිපතිවරයා ගත් සාධනීය පියවර පිළිබඳ දීර්ඝ ලෙස කරුණු දැක්වීමට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා ඕනෑම අවස්ථාවක සූදානම් බව ද කිවයුතුයි. එසේම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම සිදු කෙරුණා. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 7%ක සහන පොලියක් යටතේ මෙම ණය ලබාදීම සිදුවන අතර ඒ සඳහා රුපියල් බිලියන 50ක් වෙන් කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව කිව යුතුයි. මේ යටතේ ඔවුන්ට රුපියල් මිලියන 10ක උපරිමයකට යටත්ව ණයක් ලබා ගත හැකියි. ඒ වගේම කුඩා තේවතු සංවර්ධනය සඳහා රුපියල් බිලියන 06ක් ලබාදෙනවා. කාන්තා ව්‍යවසායිකාවන් සඳහා රුපියල් බිලියන 02ක් ලබාදීම සිදු කෙරෙනවා. එමෙන්ම ණය සුරුකුම් ආයතනයක අවශ්‍යතාවක් පවතිනවා. මෙම ණය මුදල හරහා ණය සුරකුම් ආයතනයක් ඉදිරි ඔක්තොම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි. තමන්ට ඇපයක් තබාගැනීමට නොහැකි වූ අවස්ථාවක මෙම ආයතනයේ උදව් උපකාර ඇතිව කටයුතු කිරීමේ හැකියාව පවතිනවා.

ඒ වගේම වාහන ආනයනයේ දී බලපා තිබෙන සියලූම අංශවලට අදාළ කරුණු සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. මෙම ජූලි මස මුල් සතියේ දී ඔවුන් රැස්වුණා. ඒ අනුව අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අනතුරුව වාහන ආනයනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් යම් ආරම්භයක් ලබාදීමට සූදානමක් තිබෙනවා. තවද රේගු පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. එහි සම්මුඛ පරීක්ෂණ ජූලි මස 26 සහ 27 දිනවලදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම සහකාර රේගු අධිකාරීවරුන් බඳවා ගැනීමේ ප්‍රතිඵල මෙම සතියේ නිකුත් කෙරෙනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. මෙම බඳවා ගැනීම විනිවිද භාවයෙන් යුක්තව සිදු කෙරෙන බව කිව යුතුයි.”