28 C
Colombo
Friday, February 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeGossipපාණ්ඩ්‍යා - නතාෂා දික්කසාදය නිල වශයෙන් ප්‍රකාශයට

පාණ්ඩ්‍යා – නතාෂා දික්කසාදය නිල වශයෙන් ප්‍රකාශයට

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා සිය බිරිඳ වන නතාෂා ස්ටැන්කොවික්ගෙන් දික්කසාද වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පාණ්ඩ්‍යා සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ මෙය ‘දුෂ්කර තීරණයක්‘ බවයි.

වසර 4 ක් එකට ජීවත් වූ පසු, නතාෂා සහ මම වෙන්වීමට තීරණය කළා. මෙය අප දෙදෙනාටම ගන්න තිබුණු හොඳම තීරණය කියලා අපි විශ්වාස කරනවා. අන්‍යෝන්‍ය ගෞරවය සහ සුහදත්වය රැකගැනීම සඳහා මේක අපි දෙදෙනා ගත් දුෂ්කර තීරණයක්

අගස්ත්‍ය පුතා අපි දෙන්නගෙම ජීවිතවල දිගටම ඉන්නවා. අපි දෙමව්පියෝ විදියට එයාගේ සතුට වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැමදෙයක්ම දෙන්න වග බලා ගන්නවා. මෙම දුෂ්කර අවස්ථාවේ අපි ඔබගේ සහයෝගය ඉල්ලා සිටිමු.” යනුවෙන් ඔහු සිය සටහනෙන් දක්වා තිබෙනවා.