― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපාස්පෝට් කන්තෝරුවේ උණුසුම් තත්ත්වයක්

පාස්පෝට් කන්තෝරුවේ උණුසුම් තත්ත්වයක්

බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අද (19) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණි පිරිස් වෙත පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා අවස්ථාව ලබාදෙන බවට නිවේදනය කිරීමෙන් අනතුරුව පැමිණ සිටි ජනතාව සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දිගු පෝලිම් හා තදබදයක් දක්නට ලැබුණු අතර පොලීසිය හා කැරලි මර්දන ඒකකය ද කැඳවීමට සිදු වුණා.

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ අද (19) සිට නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මීට දින කිහිපයකට පෙර සඳහන් කළා.

ඒ අනුව අයදුම්කරුවෙකු නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හෝ අලුත් කරගැනීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අනිවාර්යයෙන් ම දිනයක් හා වේලාවක් පූර්ව දැනුම්දීමකින් යුතුව වෙන් කරගත යුතු වීම අනිවාර්යයි.