28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentයතුරුපැදි - ගිලන් රථ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි – ගිලන් රථ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

ගාල්ල – කොළඹ මාර්ගයේ අද (19) අලුයම සිදු වූ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ගාල්ල – කොළඹ මාර්ගයේ තරුණ සේවා මාවත හන්දියේදී යතුරුපැදියක් සහ ගිලන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බවයි පොලීසිය පැවසුවේ.

ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බලපිටිය රෝහලට අයත් ගිලන් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුවී තිබෙනවා.