― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරටට අවශ්‍ය දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක්

රටට අවශ්‍ය දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක්

අප රටේ දුප්පත්කම මේ වනවිට මහා පරිමාණයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක කාටවත් ඒ සඳහා විසඳුමක් නොමැති බවත් එදා දුප්පත්කම තුරන් කරන්න ජනසවිය වැදගත් වූ බවත් එහි සහනාධාර ලැබුණේ මාස 24කට බවත් ඒ කාලයේ ඇතිතරම් දුප්පත් ජනතාවට ආහාර පාන ලබා දී, ඉතිරි කිරීමට, පාරිභෝජනයට, ආයෝජනයට පවා මුදල් ලැබුණු බවත් ඒ හයිය ලැබුණේ සදාකාලිකව නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ කළුතර, අගලවත්ත, කෙවිටියාගල මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජනසවිය තුළ සදාකාලික සහනාධාර වැඩසටහන් ප්‍රතික්ෂේප කළ නිසා අදටත් අවශ්‍ය වන්නේ සදාකාලික සහනාධාර වැඩසටහනක් නොව කාලවකවානු සහිතව සෑම දුප්පත් පවුලකටම දුප්පත්කමින් මිදෙන්නට ස්වශක්තියෙන්, ස්වෝත්සාහයෙන් ප්‍රගතිශීලී ජීවන ගමනේ ඉනිමගේ ඉදිරියටම යාමට අතහිත ලබා දෙන ජන සවිය හා සමාන දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් බවයි විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේ.

වේල් 3 කන්න බැරි ජනතාවක් සහ දරුවන් අප රටේ සිටින බවත් මේ ගැන සංවේදී විය යුතු බවත් හොඳ අවබෝධයක් තිබිය යුතු බවත් අවධාරණය කළ විපක්ෂ නායකවරයා කියා සිටියේ එසේ නම් දරුවන්ට කන්න දෙන්න බැරි දෙමාපියන් ලක්ෂ ගණනින් අප රටේ සිටින විට ඒ කරුණු ගැන අතිශය ලෙස සංවේදී විය යුතු බවයි.

මේ රටේ ජනතාව දුක්ගින්නෙන්, බඩගින්නෙන්, කුසගින්නෙන් මුදවා ගැනීම අපගේ වගකීම බවත් මෙරට ජනතාවට දුක්ඛිත ජීවිතයක් උදාකර දීම පාලකයන්ගේ අරමුණු නොවිය යුතු බවත් ජනතාව දුකින් මුදවා ගැනීම හැමෝගෙම අරමුණ විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ දරුවන් පොහොසත් කළ යුත්තේ මිල මුදල් ඉඩකඩම් ලබා දී නොව තමන්ගේම දක්ෂතාව තුළින් හොඳ ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලබා දිය හැක්කේ ගුණාත්මකභාවයෙන් ඉහළ අධ්‍යාපනයෙන් බවත් තමාට බැන වැදුනත් උසුලු විසුලු කළත් අපහාස කළත් ඒ ගමන තමන් නවත්වන්නේ නැති බවත් දැනුමින් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වූ සුහුරු පුරවැසියකු අප බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.