― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරේගුවේ මගඩියක් - ලොක්කෝ සිවුදෙනෙක්ගේ වැඩ තහනම්

රේගුවේ මගඩියක් – ලොක්කෝ සිවුදෙනෙක්ගේ වැඩ තහනම්

රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු බහාලුමක් ව්‍යාජ ලේඛන සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනා එල්ල වී සිටින ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති නිළධාරීන් අතර රේගු දෙපාර්තමේන්තුවේ‍ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයකු සහ රේගු අධිකාරිවරයකු සිටින බවයි වාර්තා වන්නේ.

මෙම බහාලුමේ තිබූ මෙරට ලියාපදිංචි නොකළ සුවඳ විලවුන් සහ ආලේපන වටිනාකම රුපියල් කෝටියකට අධික විය හැකි බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු සඳහන් කළා.

මෙම නීතිවිරෝධි සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුම අදාල විමර්ශන ගොනුවේ ලියකියවිලි වෙනස් කර ව්‍යාජ නව ලියකියවිලි යොදා පසුගිය 12 වැනිදා ‘ග්‍රේ ලයින් 2’ අංගනයෙන් නිදහස් කර අතර එම බහාලුම හෝ එහි තිබූ සුවඳ විලවුන් සහ ආලේපන සොයා ගැනීමට මෙතෙක් හැකි වී නැහැ.

එම බහාලුමේ නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු බවට හදුනා ගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි මාසයේදී රේගු භාරයට ගෙන ආනයනකරුට දඩ මුදල් පැනවීමටද කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන තෙක් අදාල දඩ මුදල්ද ගෙවා නොමැති බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

රේගු මධ්‍යම මිල පිරික්සුම් අංශයේ තිබූ එම බහාලුමට අදාළ ලිපිගොනුවේ සත්‍ය ලේඛන පරීක්‍ෂා කිරීමේදී ව්‍යාජ ලේඛන හදුනාගැනීමට හැකිවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.