අද (22) සිට බිත්තරයක් රුපියල් 42ක මිලකට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
ඒ අනුව මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 39ක මිලකට වෙළෙඳපොළට නිකුත් කරන බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ.
මේ වනවිට බිත්තරයක් රුපියල් 50ත් 55ත් අතර මිලකට අලෙවි වන අතර මාස තුනක පමණ කාලයක සිට සතොස වෙළෙඳසැල්වල ආනයනික බිත්තර ද පැවතියෙ නැහැ.
එවන් පසුබිමක් තුළ යළිත් වරක් බිත්තර ආනයනය සඳහා රජයේ අවදානය යොමුව තිබෙනවා.