32 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගුරු - විදුහල්පතිවරු අද සිට අකුරට වැඩ

ගුරු – විදුහල්පතිවරු අද සිට අකුරට වැඩ

ගුරු – විදුහල්පතිවරුන් අද (22) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියැළෙන්නේ.

ඒ අනුව පාසල්වල ඉගැන්වීමේ කටයුතුවලට අමතර ඇති විෂය බාහිර කිසිඳු කටයුත්තකට සම්බන්ධ නොවන බවයි ගුරු විදුහල්පති සංගම් පවසන්නේ.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (22) සිට සති දෙකක කාලයක් පැවැත්වීමට නියමිතයි.