30 C
Colombo
Wednesday, October 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචමරිගෙන් ශතකයක්

චමරිගෙන් ශතකයක්

2024 කාන්තා ආසියානු ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මැලේසියා කාන්තා කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගය පැවැත්වෙන්නේ දඹුල්ල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිළ සමත් වුණා.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

එහිදී චමරි අතපත්තු ලකුණු 119ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 31ක් රැස් කළා.