25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුවියක් බෝඩිමේදී ගෙල වැළලාගනී

පාසල් සිසුවියක් බෝඩිමේදී ගෙල වැළලාගනී

බලංගොඩ, කරව්කැටිය ප්‍රදේශයේ බෝඩිම් නිවාසයක තිබී පාසල් සිසුවියකගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

බෝඩිම් නිවාසයේ ඉහළ මහළේ එල්ලෙමින් තිබියදී පාසල් සිසුවියගේ මළ සිරුර ඊයේ (21) සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලැබූ වයස අවුරුදු 14ක පාසල් සිසුවියක් වන අතර බලංගොඩ, මරංගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම සිසුවිය අදාළ බෝඩිමේ නැවතී සිට පාසල් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලංගොඩ මූලික රෝහලට යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.