31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් ළමුන්ට මත්කරල් විකිණූ කතක් අත්අඩංගුවට

පාසල් ළමුන්ට මත්කරල් විකිණූ කතක් අත්අඩංගුවට

පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (21) කඩවත පොලිස් වසමේ වැටලීමක් සිදුකර ඇත.

එහිදී පාසල් ළමුන් ඉලක්ක කර අලෙවි කිරීම සඳහා මත්කරල් 230 ක් සන්තකයේ තබාගෙන සිටි වෑබඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක කාන්තාවක් ජංගම දුරකථනයක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය කඩවත පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.