30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබණ්ඩාරගම සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක්

බණ්ඩාරගම සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක්

බණ්ඩාරගම නගරයේ සිව් මහල් ගොඩනැගිල්ලක තෙවන මහලේ ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ තුන්වන මහලේ පිහිටි පුද්ගලික ආයතනයක පිටුපස කොටසේ වායුසමීකරණ යන්ත්‍රයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්නෙන් එහි තිබූ ගෘහ භාණ්ඩ රැසකට හානි සිදුව ඇති අතර හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය වහාම ගින්න නිවා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල දේපල හානියක් වැළකී ගිය බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති අතර සිඩ්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.