29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෑනාගේ යකඩ පොලු පහරින් මාමණ්ඩි අවසන් ගමන් යයි

බෑනාගේ යකඩ පොලු පහරින් මාමණ්ඩි අවසන් ගමන් යයි

සයින්දමරුදු ප්‍රදේශයේදී යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

මියගිය පුද්ගලයාගේ පුද්ගලයාගේ දියණිය ඇයගේ ස්වාමිපුරුෂයාගෙන් වසර 08 කට පෙර වෙන් වී තිබූ අතර ඔහු ඊයේ (21) අනවසරයෙන් නිවසේ තාප්පයෙන් පැන නිවසට ඇතුළුවීමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පුද්ගලයා විසින් දියණියගේ පියාට යකඩ පොල්ලකින් පහර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඉන් බරපතළ තුවාල ලැබූ පියා රෝහල්ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනය සිදුකළ තැනැත්තා සහ ඊට අනුබල දුන් තවත් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් සයින්දමරුදු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.