― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමං හැමවෙලේම වැඩ කළේ රට වෙනුවෙන් - ජනපති

මං හැමවෙලේම වැඩ කළේ රට වෙනුවෙන් – ජනපති

2022 වසරේ ජූලි 21 දින තමා භාරගත්තේ ආර්ථිකයක් සහ ආණ්ඩුවක් නැති රටක් බවත් තමා වෙත භාරදුන් එම වගකීම තමා නිසි ලෙසම ඉටු කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (21) කඩවත බස් නැවතුම්පොළ අසළදී පැවති ‘එක්ව ජය ගමු – අපි ගම්පහ’ ජන රැළිය අමතමිනි.

මං සැමවිටම කටයුතු කළේ මං වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන්. ඒ සමඟම අපට ආධාර ලබාදුන් ව්‍යාපෘතිවලට නැවත මුදල් ලැබෙනවා. සියලු තහංචි ඉවත් වෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගි මාර්ගයේ කටයුතු ආරම්භ කෙරනවා. එදා මේ රටේ ඉන්ධන, විදුලිය, පොහොර තිබුණේ නැහැ. රෝහල්, පාසල් වසා දමා තිබුණා. නුවර පාරේත් රටේ අනෙකුත් ප්‍රදේශවලත් දිගටම පෝළිම් තිබුණා. අපි නැවත එම තත්ත්වය ඇති කරගත යුතු නැහැ. අප සියලුදෙනා එක්ව ඉදිරියට යා යුතුයි. වසර 04ක් මේ රටේ තරුණයන්ට රැකියා ලැබුණේ නැහැ. අප තරුණයන්ට රැකියා ලබා දියු යුතුයි. ජනතාවගේ ආදායම් මාර්ග දියුණු කළ යුතුයි. මේ ගමනේදී අප කිසිවිටෙකත් දුප්පත් ජනතාව අමතක කළේ නැහැ. ඔවුන් වෙනුවෙන් අස්වැසුම සහ උරුමය වැඩසටහන ආරම්භ කළා. අද රටට අවශ්‍ය ඉන්ධන, ඖෂධ ප්‍රමාණවත් පරිදි තිබෙනවා. අපි කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ගමට ගෙනාවා. අවුරුදු 75 ක් මේ රටේ සිදු නොකළ වැඩ කොටසක් අප මෙම කෙටි කාලය තුළ සිදු කර තිබෙනවා.

තරුණයන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දීම වෙනුවෙන් අපි මෙම විප්ලවය ගෙන යනවා. මෙය ඔබ වෙනුවෙන් ගෙන යන විප්ලවයක් බව කිවයුතුයි. එය ඉදිරියට ගෙන යා යුතුයි. අපි ඒ වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. තව වසර 20කින් අපේ දළ දේශීය නිෂ්පාදන පස් ගුණයකින් වැඩි කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. දැනටමත් අධ්‍යාපනයේ පුළුල් නවීකරණයක් ක්‍රියාත්මක කර තිබෙනවා. වෘත්තීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන අතරම විශ්වවිද්‍යාල ඇති කර රටම ඩිජිටල්කරණයට ලක් කරනවා. එදා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ඉතා නොදියුණු පළාතක්ව තිබුණා. මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එහි විශාල විප්ලවයක් සිදු කළා. වෙළද කලාප දෙකක් සහිත ලංකාවේ විශාලම කර්මාන්ත පුරයක් ලෙස මෙම ප්‍රදේශය ගොඩනැඟුවා. මෙහි ඊළග පියවර ලෙස කෑරගල අක්කර 160ක තුන්වන වෙළද කලාපය ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. තෙල් පිරිපහදුව ත්‍රිකුණාමල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමෙන් පසු තව විශාල වෙළඳ කලාපයක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. අපි රටේ අනෙකුත් ප්‍රදේශවලත් මෙම සංවර්ධනය ඇති කළ යුතුයි. එම වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ රටේ අනාගතය දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රය අනුව සකස් කරන්න බැහැ. ඊට මම ඉඩ දෙන්නේ නැහැ. රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතුයි. නැත්නම් මේ රටට අනාගතයක් නැහැ. ආඩම්බර ජාතියක් ලෙස අප ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අප රට තුළ වෙනසක් කළ යුතුයි. බොරු පොරොන්දු දී ඵලක් නැහැ. දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රයට රට හදන්නේ නැහැ. රටේ න්‍යාය පත්‍රයට දේශපාලනඥයන් කටයුතු කළයුතුයි. ඒ නිසා අප සමග එක් වී ඉදිරියට යමු කියා මම සජිත් ප්‍රේමදාස මහත්මයාට මෙන්ම අනුර දිසානායක මහත්මයාට ආරාධනා කරනවා. අපි සියනුදෙනා එකතුවෙලා ඒ ගමන යමු.

මේ ගම්පහ පුරවරය එක්සත් ජාතික පක්ෂයේ හදවතයි. ඩී.එස්. සේනානායක මැතිතුමා මෙන්ම ඩඩ්ලි සේනානායක මැතිතුමා, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මෙන්ම මම ද දේශපාලනය ආරම්භ කළේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ නිසා අපි සියලුදෙනා එකට එක්විය යුතුයි. රටට නිදහස ලබා ගැනීම වෙනුවෙන් බන්ඩාරනායක මැතිතුමා ඩී.එස්. සේනානායක මැතිතුමා සමග එක්ව වැඩ කළා. ඩඩ්ලි සේනානායක සිරිමාවෝ බන්ඩාරනායක එකට වැඩ කළා. 71 කැරැල්ලේදී සිරිමාවෝ මැතිණියට සහාය ලබාදෙන බව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. 89 කැරැල්ලේ දී බණ්ඩාරනායක මැතිණිය සහ අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා ප්‍රේමදාස ජනාධිපතිවරයා එකට සාකච්ඡා කරමින් කටයුතු කළා. එදා අප රට ආරක්ෂා කර ගැනීමට එක්ව කටයුතු කර තිබෙනවා. එය සියලුදෙනා එය මතක තබා ගත යුතුයි.

1931 සර්ව ජන ඡන්ද බලය ලැබුණදා සිට අප දේශපාලනය කර තිබෙනවා. නමුත් මැතිවරණය අවසන් වූ පසු බලය මාරු කරගෙන තිබෙනවා. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඇගිල ගසන්නේ නැහැ. වෙන කිසිම රටක එවන් තත්ත්වයක් නැහැ. අපි මෙම ක්‍රමය ආඩම්බරයෙන් ඉදිරියට ගෙන යමු. අපට නැවත පෝළිම් යුගයට යන්න බැහැ. අප සියලු දෙනා එක්ව හොදින් ජීවත්විය හැකි රටක් ගොඩ නඟමු. ආරාධනයක් කළ විට පිළිතුරු ලබා දිය යුතුයි. එම පිළිතුර සුදුසු කාලයේ දී ලබා දෙනවා.