ඉතියෝපියාවේ සිදුවූ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගෝෆා ප්‍රදේශයට පසුගිය 21 වැනිදා සිට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම නායයෑම සිදුව තිබෙනවා.
නායයෑම්වලින් පීඩාවට පත් පුද්ගලයින් මුදා ගැනීම සඳහා මේ වන විට සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.