― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපළාත් 09ට හෙද පුහුණු මධ්‍යස්ථාන 09ක් - සජිත්

පළාත් 09ට හෙද පුහුණු මධ්‍යස්ථාන 09ක් – සජිත්

පළාත් 09ට ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මකභාවයෙන් යුතු හෙද පුහුණු මධ්‍යස්ථාන 09ක් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ජා ඇල, කඳාන ශාන්ත ජෝන් ද බැප්ටිස්ට් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ රටක පුරවැසියන් සතු මානව ප්‍රග්ධනය වර්ධනය කළ හැකි හොඳම වැඩපිළිවෙළ වන්නේ ගමේ නගරයේ පාසල ශක්තිමත් කිරීම බවත් දූ දරුවන්ට ගුණාත්මකභාවයෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීම තුළ සුහුරු පුරවැසියන් බිහි කළ හැකි බවත්ය.

සුහුරු පුරවැසියන් සිටින රටක විශාල මානව ප්‍රාග්ධනය තුළින් ආර්ථික වර්ධනයට විශාල දායකත්වයක් ලබා ගත හැකි බවත් අප රටට ගෘහ සේවයේ සිටින අය විශාල කැපකිරීමක් කරමින් විදේශ ප්‍රේෂණ ලබා දෙන නමුත් Health care giver කියන වෘත්තීය යටතේ විශාල මුදලක ඉපයිය හැකි නිසා ආරම්භයක් ලෙස පළාත් 9 රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති හරහා උගත් දැරියන් හෙදියන් බවට පත් කිරීමේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණ මධ්‍යස්ථාන 9ක් ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළා.

ඒ වැඩපිළිවෙළ තුළ නිපුණතාව කුසලතාව මත කේන්ද්‍රගත වූ විශාල රැකියා ප්‍රමාණයක් අප රටට ලැබෙන බවත් පිලිපීනයේ ඒ කටයුත්ත ඉතා හොඳින් සිදුවන නිසා අප ද ඒ පියවරට යා යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එසේම ඉදිරි දැක්මක් හා වැඩපිළිවෙළක් සහිතව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් උගතුන් බුද්ධිමතුන් බිහිකරන තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ඇති කරණ බවත් සෑම පළාතකම ජාත්‍යන්තර හෙද රෝහල් ඇති කරනවා සේම ⁣ඉන්දියාවේ මෙන් IIT, IIM ආයතන ඇති කර වැදගත් මානව ප්‍රාග්ධනයක් නිර්මාණය කළ යුතු බවත් මේ හරහා දැනුමින් සන්නද්ධ පරපුරක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.