28 C
Colombo
Saturday, October 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමේ වසරේ ජනාධිපතිවරණය අනිවාර්යයි - ජනපති

මේ වසරේ ජනාධිපතිවරණය අනිවාර්යයි – ජනපති

මේ වනවිටත් මුදල් වෙන්කර ඇති නිසා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි සහතික වී තිබෙනවා.

ඔහු මේ බව පවසා සිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පැවති හමුවකදීයි.

මේ අතර කල්දමා ඇති පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව නාම යෝජනා භාර දී ඇති අපේක්ෂකයින්ට පත්වීම් ප්‍රදානය කර ඇති බවට වන පැමිණිලි, තවදුරටත් මැතිවරණ කොමිසමට ලැබෙන බවයි එම කොමිසම පෙන්වා දෙන්නේ.

මහ මැතිවරණයක් ගැන අනුර කුමාර හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන නමුත් මහ මැතිවරණයකට මුදල් වෙන් කර නොමැති බවත් අයවැයෙන් රුපියල් බිලියන දහයක් වෙන් කර ඇත්තේ ජනාධිපතිවරණයකට බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.