― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තීරණයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තීරණයක්

මේ වනවිට රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් විශේෂ සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව, සුදුසුකම් සපුරන සියලුදෙනා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා.

පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන සංවර්ධන නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය නොකර විභාගයක් පවත්වා ගුරුවරුන් බඳවා ගැනීමට ගනු ලැබූ තීරණය මෙම පෙත්සම් මඟින් අභියෝගයට ලක් කර තිබුණා.

සංවර්ධන නිලධාරීන් විසිපන්දහසක් පමණ පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන බවට අදාළ පෙතසම් මගින් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබූ අතර එසේ තිබිය දී උපාධිධාරීන් සඳහා නව විභාගයක් පවත්වා ගුරුවරුන් බඳවා ගැනීමට එරෙහිවයි මෙම පෙත්සම ගොනුකර තිබුනේ.

පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ විභාගය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ඉකුත් මාර්තු මස 22 වැනිදා නිකුත් කළා.

ඒ මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදියි.
ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා මේ වනවිට ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් පිරිසක් ගොනු කළමෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් හතර සම්බන්ධයෙන් සමථයක් ඇති කර ගැනීම සඳහා එම පෙත්සම් ඊයේ නැවත කැඳවනු ලැබුවා.

ඒ ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.

එහිදී මේ වන විට රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් විශේෂ සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව සුදුසුකම් සපුරන සියලු දෙනා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට රජය කටයුතු කරන බව අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

දෙපාර්ශ්වය විසින් මීට පෙර එම පෙත්සම් සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතාවයක් අනුව ඊට අදාළ සමථ කොන්දේසි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.

ඒ අනුව දැනට ගුරු සේවයේ නිරත විසිපන්දහසක පමණක් සංවර්ධන නිලධාරීන් පිරිසක් සඳහා විශේෂ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව සඳහන් කෙරුණා.

එහි දී ජාතික පාසල් සේවය සඳහා අවුරුදු හතළිහක උපරිම වයස් සීමාවකට යටත්වද පළාත් පාසල් සඳහා අවුරුදු 45ක උපරිම වයස් සීමාවකට අදාළවද බඳවා ගැනීම් සිදු කෙරෙනු ඇති.

පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන සංවර්ධන නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය නොකර විභාගයක් පවත්වා ගුරුවරුන් බඳවා ගැනීමට ගනු ලැබූ තීරණය මෙම පෙත්සම් මඟින් අභියෝගයට ලක් කර තිබුණා.

සංවර්ධන නිලධාරීන් විසිපන්දහසක් පමණ පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන බවට අදාළ පෙතසම් මගින් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබූ අතර එසේ තිබිය දී උපාධිධාරීන් සඳහා නව විභාගයක් පවත්වා ගුරුවරුන් බඳවා ගැනීමට එරෙහිවයි මෙම පෙත්සම ගොනුකර තිබුනේ.

පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ විභාගය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ඉකුත් මාර්තු මස 22 වැනිදා නිකුත් කළා.

එහිදී ජාතික පාසල් සේවය සඳහා අවුරුදු හතළිහක උපරිම වයස් සීමාවකට යටත්වද පළාත් පාසල් සඳහා අවුරුදු 45ක උපරිම වයස් සීමාවකට අදාළවද බඳවා ගැනීම් සිදු කෙරෙනු ඇති.