29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'කිරිපුතාගේ' හෙරොයින් මල්ලක් සඟවා තිබියදී අල්ලයි

‘කිරිපුතාගේ’ හෙරොයින් මල්ලක් සඟවා තිබියදී අල්ලයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයෙකු වන, දැනට අත්අඩංගුවට පත්ව සිටින දාගොන්නේ අවිශ්ක නොහොත් ‘කිරිපුතා’ යන අයගේ සඟවා තිබූ හෙරොයින් කිලෝ එකකට වැඩි ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (23) මිනුවන්ගොඩ පොලිස් වසමේ අංක 303, තොටිල්ලගහවත්ත, අළුතේපොල, මිනුවන්ගොඩ දරණ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී ජල ටැංකියක් තුළ රහසිගතව සඟවා තිබූ රුපියල් ලක්ෂ 22 කට ආසන්න වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 70 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමේදී ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවනු ලබන කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ යන අයවළුන්ගේ සමීපතමයකු වන ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණිමේදී අත්අඩංගුවට පත්ව සිටින දාගොන්නේ අවිශ්ක නොහොත් ‘කිරිපුතා’ යන අයගේ අනුදැනුම පරිදි අත්අඩංගුවට ගත් ස්ථානයේ රහසිගතව සඟවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.