― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකෙටි කලකින් රට ගොඩගත් රනිල්ට ඡන්දෙ දෙන්න හැමෝම සූදානම්

කෙටි කලකින් රට ගොඩගත් රනිල්ට ඡන්දෙ දෙන්න හැමෝම සූදානම්

ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව සූදානම්ව සිටින බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙරට ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීමට නම් ඒ සඳහා සියලු පාර්ශ්ව එක්ව කැපවිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී ආසාර්ථකව තිබූ රට නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ යටතේ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. ඒ අනුව යමින් අප අමාත්‍යාංශය ද එතෙක් පැවති පාඩු ලබන තත්ත්වය වලක්වා ගෙන ලාබ ලබන තත්ත්වයට පැමිණ තිබෙනවා. දරුණු ආර්ථික අර්බුදවලට මුහුණ දුන් ලෝකයේ වෙනත් රටවල් මෙතරම් කෙටි කලක් තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගෙන නැහැ. මෙම ස්ථාවරත්වය රැක ගනිමින් ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීමට නම් සියළු පාර්ශ්ව ඒ සඳහා කැපවිය යුතුයි.

ඒ වගේම පසුගිය සමයේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම වෙනුවෙන් හඳුන්වා දුන් බදු සංශෝධන සම්බන්ධව ජනතාව තුළ යම් විරෝධයක් තිබුණා. නමුත් එම තීන්දු තීරණවල ප්‍රතිලාභ ජනතාවට ලැබෙන විට එම විරෝධය නැති වනවා. ලෝකයේ වෙනත් රටවල අපේ රටට වඩා බදු ප්‍රතිශතයක් අයකරන බව ද සිහිපත් කළ යුතුයි. ඉකුත් අර්බුද සමයේ ජනතාව සතුව මුදල් තිබුණත් මිල දී ගැනීම සඳහා භාණ්ඩවල හිඟතාවයක් පැවතුණා. නමුත් මේ වන විට එවැනි තත්ත්වයක් නැහැ. කෙසේ වුවත් මීට වසර දෙකකට පෙර රට තිබූ තත්ත්වය අප කාටත් අමතක නැහැ. එබැවින් එළඹෙන ජනාධිපතිවරණයේ දී අපේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙනවා. ඒ වගේම පක්ෂ පාට බේදයකින් තොරව ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා ජනතාව ද තීන්දු කර තිබෙනවා.

තව ද දේශපාලනඥයන් විවිධ පක්ෂ මත විසුරුණු පමණින් ඡන්ද දායකයින් වෙනස් නොවන බව ද පැවසිය යුතුයි. ඡන්ද දායකයින් එළැඹෙන මැතිවරණයේ දී හැසිරෙන්නේ පුද්ගලයා මත නොව වැඩපිළිවෙළ මත බවද සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම ඊළඟ මැතිරණයේදී බදුල්ල ප්‍රදේශයේ බහුතර ඡන්දය හිමිවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව අප මේ වන විට හඳුනාගෙන තිබෙනවා. අප රටේ ජනතාව කළගුණ දන්නා, හොඳින් හිතාමතා වැඩ කරන පිරිසක් බව ද සිහිපත් කළ යුතුයි.