30.6 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෘෂ්‍යාබාධිතයින් සඳහා විශේෂ ඡන්ද පත්‍රිකාවක්

දෘෂ්‍යාබාධිතයින් සඳහා විශේෂ ඡන්ද පත්‍රිකාවක්

මැතිවරණවලදී දෘෂ්‍යාබාධිත හා ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සාධනීය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත් දෘෂ්‍යාබාධිත ප්‍රජාව සඳහා ප්‍රථම වරට ජනාධිපතිවරණයේ දී විශේෂ ස්පර්ශ ඡන්ද පත්‍රිකාවක් හඳුන්වා දෙන බවත් මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

ඔහු මේ බව පැවසුවේ විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අදහස් දක්වමිනි.

ශ්‍රවණාබාධිත ප්‍රජාව සඳහා මැතිවරණ ආශ්‍රිත වචන 320කින් යුත් නව සංඥා භාෂා වචන මාලාවක් හඳුන්වා දී ඇති බවත් ආබාධිත ප්‍රජාවගේ කටයුතු සඳහා ප්‍රවේශ පහසුකම් ඇතුළු උපරිම පහසුකම් ලබාදීමට සැලසුම් සකස් කරමින් සිටින බවත් ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.