27.2 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් ස්ථානාධිපතිවරුන් 47 කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 47 කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත ජූලි මස 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම ස්ථාන මාරු ලබා දී ඇති බව සඳහන්.

පොලිස්පති දේශබන්දු විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් 210 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා තිබූ අතර ඉන් පළමු කොටස ලෙස ස්ථානාධිපතිවරුන් 47 දෙනෙකුට පමණක් ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් කොමිසම තීරණය තිබෙනවා.

පොලිස් මූලSතානය පවසන්නේ මෙලෙස මාරු කර යැවූ ස්ථානාධිපතිවරුන් අතර විස්සකට ආසන්න පිරිසක් විනය කඩකිරීම් හා අකාර්යක්ෂමතාව මත සාමාන්‍ය රාජකාරී සඳහා යවා ඇති බවයි.