25 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentසාලියපුර රිය අනතුරක් - දෙදෙනෙක්ට බරපතලයි

සාලියපුර රිය අනතුරක් – දෙදෙනෙක්ට බරපතලයි

අනුරාධපුර – මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ සාලියපුර ප්‍රදේශයේදී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (23) රාත්‍රියේ සිදුවූ මෙම රිය අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.

වෑන් රථයක්, ත්‍රිරෝද රථයක් හා අත් ට්‍රැක්ටරයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර වෑන් රථයේ රියදුරු සහ ත්‍රිරෝද රථයේ රියදුරු මෙලෙස බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අනුරාධපුර, සාලියපුර හා සදමල්එළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

අනුරාධපුර දෙස සිට මැදවච්චිය දෙසට අත්ට්‍රැක්ටරය ගමන් කරමින් තිබියදී ඊට පිටුපසින් ගමන්ගත් ත්‍රිරෝද රථයක් එම අත් ට්‍රැක්ටරයේ ගැටී මාර්ගයේ විරුද්ධ දිසාවෙන් පැමිණි වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.