31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වෙයි

ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වෙයි

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ විශාල නෞකාවක් පිලිපීනයේ මැනිලා බොක්ක ආසන්න මුහුදේ ගිලී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පිලිපීන ධජය සහිතව ගමන් කළ MT Terra Nova නම් නෞකාව බවයි.

කර්මාන්ත සඳහා යොදාගන්නා ඉන්ධන රැගත් නෞකාවක් මෙලෙස ගිලී ඇති අතර නෞකාවේ ඉන්ධන කාන්දු වී මේ වනවිට නෞකාව මුහුදුබත් වූ කලාපය අවට විශාල තෙල් පැල්ලම් දක්නට ලැබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නෞකාව අනතුරට ලක් වන අවස්ථාවේදී කාර්‍යය මණ්ඩලයේ 17 දෙනෙකු සිට ඇති අතර ඉන් 16 දෙනෙකු ගලවාගෙන තිබෙනවා.

එක් අයෙක් පමණක් අතුරුදන්ව ඇති අතර අතුරුදන් වූ නාවිකයා සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි.