ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය හෙට (26) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉදිරි මැතිවරණ කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද රැස් වුණා.
එහිදී යෝජනා වී ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය,
නාමයෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය හෙට (26) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමටයි.
එමෙන්ම ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබඳව විවිධ පුද්ගලයන් හා පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව කිසිඳු වගකීමක් නොගන්නා බවයි.