― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ අපරාජිතව ඉදිරියටම

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ අපරාජිතව ඉදිරියටම

ආසියානු කුසලාන කාන්තා 20/20 තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (24) පැවති තරගයේ කාසිය වාසිය දිනා ගත් තායිලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තා.

නමුත් පළමු පන්දුවෙන්ම කඩුල්ලක් බිඳ වැටුණු ඉනිම යළි ගොඩ නැඟුණේ නැහැ.

තායි ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 93ක් පමණයි.

ශ්‍රී ලංකා පන්දු බලඇණිය හමුවේ සාර්ථක වූ එකම පිතිකාරිණිය වූයේ නනපත් කොන්චරෙන්කායි පමණයි. නනපත් පන්දු 53කින් ලකුණු 47ක් නොදැවී ලබා ගත්තා.

ඒ හැරෙන්නට ලකුණු 10 සීමාව පසුකලේ තායි පිතිකාරිනියන් දෙදෙනෙක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නියන් පස්දෙනෙක් අවම වශයෙන් එක් කඩුල්ලක් හෝ දවා ගත්තා. වමරි අතපත්තු සමගින් විශ්මි ගුණරත්න පළමු කඩුල්ලට ලකුණු 94ක නොබිඳුණු සබඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට පහසුවෙන් රැගෙන ආවා.

චමරි නොදැවී ලකුණු 49ක් ලබා ගනිද්දී විශ්මි නොදැවී ලකුණු 39යි. අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව පාකිස්තානය සමග තරග වදින අතර ඉන්දියාව, බංග්ලාදේශය සමග තරග වදිනු ඇති.

එම තරඟ දෙකම හෙට දඹුල්ලේදී පැවැත්වෙනවා.