ඉදිරි ජනාධිපතිවරණයට තමන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මේ බව සඳහන් කර තිබෙනවා.
එම සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ තමන් මෙවර ජනාධිපතිවරණයට තරගකරුවෙකු ලෙස ඉදිරිපත් වීම මෙලෙස රටේ මහ ජනතාවට නිල වශයෙන් දැනුම්දීමට කැමති බවයි.