― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsසෙනසුරු, චන්ද්‍රයාගෙන් මුවාවීමේ විරල දසුනක්

සෙනසුරු, චන්ද්‍රයාගෙන් මුවාවීමේ විරල දසුනක්

සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් වැසීයාමේ දුලභ දසුනක් දැක ගැනීමට අද අලුයම ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව උදාවුණා.

යළිත් මෙවන් අසිරිමත් දසුනක් ශ්‍රී ලංකාවට දිස්වන්නේ තවත් වසර 13කින් බවයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ.

සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගේ පිටුපසින් ගමන් කිරීමත් සමඟ එම ග්‍රහලෝකය පෘථිවියට නොපෙනී යාමේ දුලභ සිදුවීමක් අද අලුයම දැකබලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකියාව උදාවුණා.

අද අලුයම 12.50ට මෙම ක්‍රියාවලිය ආරම්භ වූ අතර පැයකුත් විනාඩි 20ක කාලයක් ඒ අනුව සෙනසුරු ග්‍රහයා පෘථිවියට දර්ශනය වූයේ නැහැ.

එම කාලය තුළ චන්ද්‍රයා පිටුපසින් ගමන් කළ සෙනසුරු ග්‍රහයා අනෙක් පසින් යළි දර්ශනය වූයේ අද අලුයම 2.10ට පමණයි.

මෙම අසිරිමත් අවස්ථාව දැක බලාගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව උදා වූ අතර ඒ සඳහා විශේෂ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබුණා.

ඊට අමතරව සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් ආවරණය වීමේ අවස්ථාව දැක බලාගැනීමට දිවයින පුරා‌ ජනතාව තුළ තිබුණේ දැඩි උනන්දුවක්.

යළිත් මෙවන් අසිරිමත් අවස්ථාවක් දැක බලා ගැනීමට ශ්‍රී ලංකා වාසීන්ට අවස්ථාව උදාවන්නේ 2037 අප්‍රේල් 24 වැනිදායි.