27.2 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News03 හැවිරිදි දරුවාට වද හිංසා කළ පියා අත්අඩංගුවට

03 හැවිරිදි දරුවාට වද හිංසා කළ පියා අත්අඩංගුවට

තම 3 හැවිරිදි දරුවාට අමානුෂික ලෙස පහරදුන් පියෙකු ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇල්පිටිය පොලිස් වසමට අයත් අනුරුද්ධගම, කරන්දෙණිය ප්‍රදේශයේදී අවුරුදු 3ක පිරිමි දරුවෙකුට අමානුෂික ලෙස පහරදී ඇති බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (24) රාත්‍රියේ විමර්ශනයක් සිදු කෙරුණා.

ඒ අනුව ඇල්පිටිය පොලිසිය විසින් කරන්දෙණිය, අනුරුද්ධගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ බිරිඳ රැකියාවක් සඳහා විදේශගත වී ඇති අතර නිවසේ සිට ඇත්තේ සැකකරු සහ දරුවා පමණයි.

දරුවා කුසගින්න හේතුවෙන් ආහාර ඉල්ලා හැඬීමේදී සැකකරු විසින් දරුවා දෑත් ඔසවා බිම දණ ගස්වා පරුෂ වචනයෙන් බැන වැදී තිබෙනවා.

ඉන්පසු සැකකරු විසින් දරුවාට අමානුෂික ලෙස පහර දී ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම සැකකාර පියා විසින් දරුවාට පහරදෙන අයුරු වීඩියෝ කර එම වීඩියෝපට විදේශගත වී සිටින මවට යොමු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.