31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් රේගු දැලේ

දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් රේගු දැලේ

තීරුබදු රහිතව හොර රහසේ මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගීන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) පස්වරුවේ FZ 549 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණි මගීන් දෙදෙනකු සතුව තිබී මැන්චෙස්ටර් වර්ගයේ සිගරට් පිළිවෙලින් 20,200ක හා 21,200ක ප්‍රමාණයක් රේගු භාරයට ගැනීමට කටුනායක ගුවන්තොටුපොළ රාජකාරියේ නියුතු රේගු නිළධාරීන් සමත් වුණා.

මෙම සැකකරුවන් පොළොන්නරුව හා තලවතුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මෙම සිගරට් තොගයේ සමස්ත වටිනාකම රුපියල් 4,175,000ක් පමණ වන බවයි පොලීසිය පවසන්නේ.

මෙම සිගරට් තොගය රේගු භාරයට නොගෙන වෙළෙඳපොල වෙත නිදහස් වූයේ නම් රජයට අහිමිවන ආදායම රුපියල් 3,200,000ක් පමණ වන බවයි ගණනය කර ඇත්තේ.