30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුට

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ (25) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

පොලීසිය පැවසුවේ ඊයේ සවස මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවයි.

කෙසේනමුත් වෙඩි වැදීමෙන් බරපතල තත්ත්වයේ පසු වූ 32 හැවිරිදි කේ. ජී. ආර්. දර්ශන නමැති පුද්ගලයා ඊයේ රාත්‍රියේම ජීවිතක්ෂයට පත් වුණා.

බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56ක කාන්තාවක්.