සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති නිවේදනය පිළිබඳව ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
සිය නිල X ගිණුමේ සටහනක් තමබිනුයි ඇය මේ බව දක්වා ඇත්තේ.
“ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන කැපවීම ප්‍රදර්ශනය කිරීමක් ලෙස සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කිරීම අපි සාදරයෙන් පිළිගනිමු.
ශ්‍රී ලංකාවේ ජනතාවට ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලය ලබා දෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපි බලාපොරොත්තු වෙමු” යනුවෙන් එම සටහනේ දැක්වෙනවා.