2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් මීට සුළු වේලාවකට (26) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශයට පත් කළා.
එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සැප්තැම්බර් මස 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඊට අදාළ නාම යෝජනා භාර ගැනීම අගෝස්තු මස 15 වැනිදා සිට සිදුකරන බවයි.
මෙම ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම අද සිට සිදු කෙරෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව විසින් 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනතේ බලතල ප්රකාරව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.