25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentයතුරුපැදි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

මානිප්පායි පොලිස් වසමට අයත් කට්ටුඩෙයි ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංගානෙයි නිර්සාමම් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මුකුන්දන් දීපා නමැති කාන්තාවකි.

එම කාන්තාව සමඟ යතුරුපැදියේ ගමන් ගත් ඇගේ දරුවන් දෙදෙනා තුවාල ලබා තෙල්ලිපලෙයි මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වනු ලබනවා.