― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරටේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ආරක්ෂක නිලධාරීන්ට උපදෙස්

රටේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ආරක්ෂක නිලධාරීන්ට උපදෙස්

2024 ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අද (26) පාර්ලිමේන්තුවේදීයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක ප්‍රධානීන්ට මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව එලැඹෙන ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

එමෙන්ම මෙම සියලු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සිදුකරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා තිබෙනවා.