29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsස්ථිර රියදුරු බලපත්‍ර ලබාදෙන දිනය ගැන දැනුම්දීමක්

ස්ථිර රියදුරු බලපත්‍ර ලබාදෙන දිනය ගැන දැනුම්දීමක්

තාවකාලික රියදුරු බලපත්‍රයක් ඇති වාහන රියදුරන්ට ස්ථිර රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීමට මේ වසරේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ සිට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් අනුරුද්ධ වීරසිංහ පැවසුවේ ආර්ථික අර්බුදය තුළ රියදුරු බලපත්‍ර කාඩ්පත් ආනයනය කිරීමේදී ඇති වූ ගැටලු හේතුවෙන් ස්ථිර රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීමට නොහැකි වූ බවයි.

ඒ අනුව ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයකට රියදුරු බලපත් කාඩ්පත් නිකුත් කිරීම වෙනුවට තාවකාලික මුද්‍රිත පත්‍රිකාවක් දීමට සිදුවූ බවයි ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් මේ වනවිට අවශ්‍ය කාඩ් ආනයනය කර ඇති අතර නව රියදුරු බලපත්‍ර සහ අලුත් කිරීම් සඳහා රියදුරු බලපත්‍ර මුද්‍රණය කළ යුතු බවත් ඔහු පවසනවා.